

අධිශ්ටානය , ජවය මුහුකුරා යන දරුවෙකුගේ තරුණ අවදිය වඩ වඩාත් ඔප්නන්විම උදෙසාත් තම සැගව ඇති නායකත්වය තුලින් සමාජය වෙත සේවය කිරීම නමැති මුලික අරමුණ පෙර දැරි කර ගනිමින් බිහිවන රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය තම පළමු වෙඩිමුරය 1986 වර්ෂයේදී සනිහිටුවන් කරමිනි. එකල සංගමයේ ප්‍රථම සභාපති මංජු සමරසිංහ මහතාගේ නායකත්වයෙන් , ඓතිහාසික ශ්‍රී බෝධි මළුවේදී ඇරඹුනු රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය අද වන විට වසර 25 පමණ ඈත ඉතිහාසයකට හිම්කම් කියමින් වර්තමානයේත් රද්දොළුගම පින් බිමෙහි විරාජමානව වැජබෙති.
රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයකු හට තම විනය නිසි ලෙස පවත්වා ගැනීම අනිවාර්ය වන අතර මෙතෙක් සංගමයේ තිබු නීති රීති වලට එකගව සිටීමට හැකියාව තිබිය යුතුය.තවද සංගමයේත් රද්දොළුගම ප්‍රදේශයේත් ගෞරවයට පත්‍ර වන රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමයේ නිලධාරි මඩුල්ලට තේරීපත් වීමට නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම රද්දොළුගම නිවස සංකීර්ණයේ නිත්‍ය පදිංචි කරුවකු මෙන්ම සංගමයේ ඉතිහාසය තුල ඔහු හෝ ඇයගේ විනය ,සංගමය වෙනුවෙන් කැපවීම හා අධ්‍යාපනික අතින් පොහොසත් විය යුතුය.එසේ නිලධාරීන් පත්වීම වර්ෂ අවසාන මහා සභාවකදී අනුසාශක හිමි ඉදිරියේ සිදුවන යෝජනා හා එම යෝජනා ,සමාජිකින් වැඩි දෙනෙකුගේ ස්ථිර කිරීම් මත සිදුවන්නකි. මෙසේ රද්දොළුගම තරුණ බෞද්ධ සංගමයේ නිල ධුරයකට පත්වීම සංගමයේ සාමාජිකයකු ලබන ඉමහත් ගෞරවනීය වරප්ප්‍රසාදයකි. සභාපති ,ලේකම් ,භාණ්ඩාගාරික .උපසභාපති ,උප ලේකම් හා ප්‍රධාන සංවිධායක වරු දෙදෙනෙක්ගෙන් සංගමය ශක්තිමත් වේ
.අදත් එදා මෙන් නව නිළධාරි මඩුල්ල පත් වූ විට ප්‍රථමයෙන් වාර්ෂික පිරිත් පිංකම සඳහා යුහුසුලුව කටයුතු කල යුතු අතර මෙය තම සංගමයේ සමාජිකයින් අතර මනා අවබෝධයක් වර්ධනය කර ගැනීමටත් සබදතා වර්ධනය කිරීම සඳහා වැදගත් වන ප්‍රධානම අංගයි. ප්‍රථමයෙන් අප අනුශාසක ස්වාමින් වහන්සේ බැහැ දැක අප පිරිත සඳහා නියමිත දින වකවානු වෙන් කරවා ගැනීම සිදුවන අතර පසුව අක්කර 122 පුරාවට පැතිර ගිය රද්දොළුගම මුළු භුමිය පුරාවට පිහිටි නිවස 2022 මෙම පිංකමට සුළුවෙන් හෝ සහභාගී කරව ගැනීමේ අදිටනින් දානමය හා මුල්‍යමය අධාර එකරස් කිරීම මෙහිදී සිදුවේ.පිරිත් පිංකම අවසන් වන විට නව නිළධාරි මඩුල්ල ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අනුවර්තනය වීමද නිරායාසයෙන් සිදුවන්නකි.
අද වන විට සංගමයේ පැරණි ජේෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහයද නොවඩුව ලබමින් ඉදිරියෙන් ඉදිරියට ගමන් ගන්නා රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය පිරිත් පිංකමට සමගාමිව වාර්ෂිකව රුධිරය පරිත්‍යාග කිරීමේ කදවුරක් පවත්වනු ලබන අතර එයද රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමයේ ප්‍රදානම දෙවන ව්‍යාපෘතියි. මෙම ප්‍රදාන අංග වලට අමතරව ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සිදුවන ස්වභාවික විපතක් උදෙසා ක්ෂණිකව කියත්මකවී කටයුතු කිරීම ප්‍රශංසනීය මට්ටමක පවතී.සෘජුවම මාධ්‍ය ආයතන හා සම්බන්දවෙමින් ලබා දිය යුතු උපකාර කෙරෙහි කියාත්මක වෙමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම හා එවැනි හදිසි අවස්ථා වෙන්කරන ලබන මුල්‍යමය ප්‍රමාණ පිබඳව මැදියම් රාත්‍රියක උවද එකරැස් වී සාකච්චා කිරීම මගින් තහුරු වන්නේ සංගමයේ සමාජිකයින්ගේ රට වෙනුවෙන් ඇති හැගීම හා නියම තාරුණ්‍යයේ ජවයයි.
තවද අප සංගමය සතුව පවතින වටිනාම දෙපලක් වන රද්දොළුගම වටරවුම තුල අප විසින් ඉදි කල රණවිරු ස්මාරකය අප සංගමය1998 වර්ෂයේ අබිනවයෙන් තේරී පත්වූ සභාපති ස්වර්ණ චාමර මහතා ප්‍රමුඛ නිලධාරී මඩුල්ල හා සමාජිකයින්ගේ මහත් පරිශ්‍රමයක මල් පල ගැන්වීමකි.ශ්‍රී ලංකා මාතෘභූමිය තුල වසර 30 අධික කාලයක් පැවතී කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙහි ලා මුලික වී තම වටිනා ජීවිතය අප මවූ බිම වෙනුවෙන් පරිත්‍යාග කල රණවිරුවන් සිහිකරවනු වස් , අප නිදහස් දිනය වන පෙබරවාරි 04 හා යුධ ජයග්‍රහණ සැමරුම දින එනම් මැයි 15 වන දිනයන් හිදී විශේෂ උත්සව පැවැත්වීම මෙම භූමියේදී සිදු කෙරේ .
සංගමයේ නිල ලාංජනය

ආදර්ශ පාඨය
පරත්ථං පටිපජ්ජථ